අපේ ජීවිතේ
ඉවරයක් නැතුව අපි දුවනවා..ඕ ලෙවල්.ඒ ලෙවල්,කැම්පස් මේ ඔක්කොම පහු කරන් අපි හැල්මේ දුවනවා.වෙලාවකට හිතෙනවා මොකද්ද මේ ජීවිතේ කියලත්..Assignments,මිඩ් එක්සෑම්,Presentation,ෆයිනල් නිකන් පිස්සු වගේ ලඟදි මගේ යාලුවෙක් මට හම්බ උනා..ඌ වැඩ කරන්නෙ ප්රයිවෙට් බෑන්ක් එකක අවුලක් නෑ ශේප් කියනවා බයික් එකකුත් ගත්ත කිවුව එයාගේම සල්ලි වලින් බයික් එකක්නම් මටත් ගත්තෑකි ගෙදරින් සල්ලි ඉල්ලල..ඒත් නිකන් මොකද්ද වගේ පොඩි ලැජ්ජාවක් ලාවට දැනෙනවා..ඒත් ඉතින් අපි තාමත් ගෙදරින්නෙ යැපෙන්නෙ..
හරි.මෙහෙම ගිහින් යන්තම් ඩිග්රිය ඉවර කරගත්තා කියමුකො..ඊට පස්සේ ඉතින් හොයපල්ලකෝ රස්සාවක්..කැම්පස් වලින් අවුට් වෙන සෙනග කන්දරාවේ හැටියට ඒකත් ලේසි වැඩක් නෙවෙයි..හැබැයි ඉතින් වැඩ පුලුවන් හොඳ වැඩ්ඩෙකුටනම් හොඳ ජොබක් හොයාගන්න එක අමාරු නෑ(මේ මන් වගේ :පී).

ආයෙත් වෙලාවකට හිතෙනවා ආයෙත් ඕලෙවල් කාලෙට යන්න තියෙනවනම් කියලා එතකොට ආයෙත් ඕලෙවල් කාලේ වගේ ඉස්කෝලේ ගිහින් ක්ලාස් ගිහින් පිස්සු නටලා සයිකලේ පැදන් ගිහින් එන එකනේ..ඒ ලෙවල් කාලේ ඔක්කොටම වඩා ෆන් කියල වැඩක් නෑ..සයන්ස් ඩේ,මැත්ස් ඩේ,ආර්ට් ඩේ අපි මේ ඔක්කොටම යනවා මොකද ඒ දවස්වල ඩේ එකක් කිවුවම නිකන් කතරට වැටෙන දිය පොදක් වගේ (:පී) පේලි පේලි ගෑනු ලමයි ඇවිල්ලා ඉතින් ඩේ ඕර්ගනයිස් කරපු ඕර්ගනයිසර්ලා(අපි)එක්ක කතා කරනකොට ඔක්කොටම වඩා ෆන්..අනේ ඉතින් කවදා ඒ දේවල් ආයෙ කරන්නද???

මේක තමයි ඉතින් ජීවිතේ කවදා හරි මේ ඔක්කොම දාල අපිට යන්නත් වෙනවනේ..තව අවුරුද්දකින් කැම්පස් අවුට් වුනාම වෙන්නෙත් මේ ටිකම තමයි..පහුගිය අවුරුදු ටිකේ ඩිග්රී ගත්ත අය්යල අක්කල කොන්වකේශන් එක දවසේ හැන්දෑවේ එකිනෙකා බදාගෙන අඬන හැටි දැක්කම අපේ ඇසුත් තෙත් වෙනවා..ඒකටත් තව අවුරුද්දයිනේ තියෙන්නේ..දැන්නම් ඉතින් මම මුලින් කියපු Assignments,Mid,Finals තව තව තිබුනත් කමක් නෑ කියල හිතෙනවා..ඒ වෙන මොකකටවත් නෙවෙයි ජීවිතේ එක්තරා කාලයක අපිට මුනගැහුණු අපේම ලබැඳියන් හැර නොයා ඉන්න තියෙනවනම් කියන සිතුවිල්ල හිතට දැනෙන නිසා..
malli ohommama yanna...honda vadak.
ReplyDeleteබොහෝම ස්තූතියි අයියෙ...
ReplyDeletePatta talk eka machan....sirawata a kale kattiya set wela maru fun ekak gaththane....ela ela!!!
ReplyDelete~Sugith_K~
එළ වැඩක්.. පලවෙනි පෝස්ට් එකම නියමයි. දිගටම දාන්න..
ReplyDeletewade hondai.. mama passe honda comment ekak dannamko..
ReplyDeleteto be cont...