Sunday, October 23, 2011

1 ටයි මාමගේ මතක සුවඳ..

 


හරියන්නෑ හරියන්නෑ ඕක නම් හරියන්නෑ කියල හිතෙනකොට මේ ලෝකේ කිසිම දෙයක් බෑයි කියල
බෑ කිව්වේ ඔබයි.........!!!
පුංචි අපිව දියරකුස්ගෙන් බේරාගෙන හා හා හරි හාවත් එක්ක කැලේ මැදින් අතරමං නොවී එන්න අපිට පාර පෙන්නපු ගලිවර් ඔබයි........!!!
සුට් බුට් එක කලිසම් ඇඳලා රෝල්රොයිස් එකේ ගමන් ගියාට නරක වැඩ කරලා සාජන්ට් මහත්තාගෙන් 
බේරෙන්න බැහැයි කියල අපිට කියල දුන්නේ ඔබයි.........!!!

එදා පුංචියට හිටිය ගම්මිරිස් ඇට අද ලොක්කෝ කළේ ඔබයි ටයි මාමේ............!!!
ෂෙරිෆ්ලා ගිස්බන්ලා එකතුවෙලා රොබින්හුඩ් මැරුව වෙලාවේ අපි හොඳටම ඇඩුවා.........
අද වාගේම..................!!!!
ඔබට තවත් ආයුෂ දෙන්න දොස්තර හොඳහිතටත් බැරිවෙන්න ඇති ටයි මාමේ............!!!
ඒත් ඔෂීන් වගේ ජීවිතය දිනන්න,
එදා මැප් එක කැප්ටන් ලීච්ගේ අතට නොදී වයිටාත් එක්ක එකතුවෙලා ඔබ අපට බේරලා දුන් නිධානය තාම 
අපිගාව තියෙනවා ටයි මාමේ............................!!!

ඔබ වන් ළමාමනස හදුනාගත් කෙනෙකු නැවත බිහි නොවේවි,මගෙ පොඩි කාලෙ මතක් වෙන හැම වෙලාවෙම මට ටයි මාම මතක් වේවි. ඒ වගේම ඔබ දුන් ඒ සුන්දර මතකය හැමදාමත් අපි අතර රැදී තියේවි.ආදරණීය ටයි මාමේ ඔබට නිවන්සුව ලැබේවා !!!






@ Read More...

Wednesday, September 7, 2011

0 මගේ පුoචි රෝස මලේ.....



**********************************************                        කොහොමද යාලුවනේ..අද මම හිතුවා කට්ටිය වැඩිය අහල නැති ඒත් හිතට වදින සින්දුවක් කියන්න..බය වෙන්න එපා සින්දුව කියන්නේ නෑ ලියනව විතරයි. :) ..මේ සින්දුව ගොඩක් දෙනා අහල තියෙන එකක්..ඒත් මටනම් මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..
මට යන්තමට වගේ මතකයි මේ සින්දුව ඇත්ත සිදුවීමක් පාදක කරගෙන ලියපු එකක් කියල පත්තරේක හරි කොහේ හරි තිබුන වගේ..
මේකෙ කතාව හරි අමුතු එකක් රූප රචනයේ නම් තියෙන්නෙ ලෝ ෆැකල්ටියක වෙන දෙයක්..ලෙක්චරර් කෙනෙක් තමන්ගෙන් ඉගෙන ගන්න සිසුවියක් ගැන හිතෙන දේවල්..ඔහුගේ සිතුවිලි ඔයාල අපි හිතනවට වඩා වෙනස් මේ වයසක තනිකඩ ප්‍රේමවන්තයා තමන්ගෙන් ඉගෙනගන්න මේ තරුණ ශිෂාව ට ආදරේ කරනවා..ඒත් ඒ ආදරේ දන්නේ මේ වයසක ප්‍රේමවන්තයා විතරයි..අපි වගේ නම් මොකද කරන්නේ?? ටික දවසක් බලලා ගිහින් ගෑනු ලමයගෙන් අහනවනේ.අහනවනේ..ඒත් මෙයා එහෙම කරන්නේ නෑ මොකද ඒක කරන්න අපේ සමාජ පසුබිම තුල මේ ප්‍රේමවන්තයට අවසර ලැබෙන්නේ නෑ මොකද තමන්ගෙන් ඉගෙනගන්න එන සිසුවියකට ආදරේ කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි වයස,සමාජයෙන් එන බලපෑම මේ හැම ඒකක්ම ප්‍රශ්නයක් වෙනවා.ඔයාලව අපිට වගේ ඒ නීදහස මේ වයසක පෙම්වතාට නෑ..ඔහු තමන්ගේ සිසුවියට කෙලින් නොකියන ප්‍රේමය පදවැලක් කරල තියෙන ආකාරය හරිම අපූරුයි..එයා මේ කියන්නේ තමන් ආදරය කරන තමන්ගේ සිසුවියට කියාගන්න බැරි තමන්ගේ හිතේ හිර වෙලා තියෙන දේවල් ගැන (අපි ඕවට කියන්නේ සයිකො කියල නේද? ;)).. මේ ප්‍රේමවන්තයගේ හිතේ තියෙන්නෙ සරල ඉල්ලීම්..දැන් කාලේ පෙම්වතුන් වගේ මේ ප්‍රේමවන්තයට ලොකු බලාපොරොත්තු නෑ..ඉ‍ටු නොවෙනා බව දැන දැනම ඔහු කරන ඉල්ලීම් කරන්නේ තමන්ගෙන්මයි..තමන්ගේ හිතෙන්මයි..


රූප රචනයේ තියෙන විදියට තරුනයෙක් ඇය එක්කලා කතා කරනවට වත් මේ ප්‍රේමවන්තයා කැමති නෑ..ඒක ඉතින් මනුස්ස ගතියක්නෙ..අනිත් දේ තමයි අමරසිරි පීරිස් නැමැති දක්ෂ ගායකයා මේ ගීතයට කරල තියෙන සාධාරණය..ඔහුගේ හඬ මේකට අපූරුවට ගැලපෙනවා.මේ ගැන තවත් කියන එක සින්දුවේ රූප රචනයට කරන ලොකු අසාධාරණයක් :)..මේක කවදා හරි ඔයාගේ මගේ අත්දැකීම වෙන්නත් බැරි නෑ (එහෙම නොවෙන්න කියලයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ :) ) එහෙනම් දැන් ගීතය රස විඳින්න..!
       

පද රචනය :- ධම්මික පෙරේරා.
සන්ගීතය :- විශාරද ඩැනිස්ටෙර් පෙරේරා.
ගායනය :- අමරසිරි පීරිස්

           
                        
@ Read More...

Tuesday, September 6, 2011

4 ඉන්ටර්නෙට් ෆේස් බුකිය and අපි..


********************************************************************************
                     
 ඕන්න ඉතින් ඉස්සරවෙලාම ඉන්ටර්නෙට් කියන්නෙ මොකද්ද කියල මම නම් දැන ගත්තෙ ඉස්කෝලෙ අපි 9 වසරෙ ඉද්දි තිබුන වර්ක්ශොප් එකකින්..මට හොඳට මතකයි ඒක කරපු කෙනා (ඩයලොග් එකේ ඉන්ජෙක් වගේ මතක :)) මුලුන්ම ගියේ ශ්‍රී ලන්කා ගුවන්විදුලි ස0ස්ථාවේ වෙබ් සයිට් එකට ගිහින් ඔන්ලයින් රේඩියෝ දැම්මා..ඔන්න ඉතින් දැන් කස්ටියට මාරම ෆන්..මොකද ගොඩක් අය මෙච්චරකල් කොම්පියුටරෙන් රේඩියෝ අහලා තිබුනේ නැති නිසා..අපේ ඉතින් එතන ඉඳපු ඉන්ටර්නෙට් ගැන දන්න යාලුවෙක් දැන් ඉතින් හෙන පොර ටෝක් දෙනවා අපිට..මේක මෙහෙමයි අරව මෙව්වයි කිය කිය..අපිටත් ඉතින් මැජික් (:පී)..
                                          ඔහොම කාලෙත් ගෙවිලා ගිහින් අපි ඒලෙවල් කරලා ඉවර වුනාට පස්සේ මට දවසක් යාලුවෙක් කියනවා මචන් මාර සයිට් එකක් තියෙනව අපේ ඉස්කෝලේ කොල්ලෝ හැම එකාම ඉන්නවා තව සහෝදර බාලිකා පාසලේ සහෝදරියොත් ඉන්නවා කියලා..අපේ එවුන් කෙසේවෙතත් සහෝදරියො ටික ඉන්න සයිට් එක මොකද්ද කියල බලාගන්න දැන් ඉතින් හැම එකාටම මාරම ගාය..ඒත් ඉතින් දැන් ඕකට කොහෙන්ද ඉන්ටර්නෙට්? ඔන්න ඔහොම ඉන්න අතරේ තමයි ඒ.ඩී.එස්.එල් නැගල ආවෙ..අපේ චාමියා ඉතින් මොකද ඌටත් කිසි පොටක් නැතුව ඉඳපු එකේ ඇප්ලිකේශන් ෆෝම් එකක් පුරෝලා ගිහින් ටෙලිකොම් එකට දීලා ඉන්ටර්නෙට් ගත්තා..චාමියා ඉන්ටර්නෙට් ගත්තත් හරි 2008 බැච් එකම උගේ ගෙදර..
                   
හෆ්ෆා ඒ දවස්වල ඉතින් චාමිගෙ ගෙදර අයට අතින් කයිට්..කට්ටිය ඉතින් හැමෝම මූනුපොත් එකවුන්ට් එහෙමත් හදාගෙන ඉතින් බලන් ඉන්නවා සහෝදරියෝ රික්වෙස්ට් දානකන් (දාවි මේන් කියලා) ඔන්න ඔය අතරෙදි තමයි අපේ සෙට් එකේ ලවු ගුරු,ඉන්ටර්නෙට් විශාරද කලණ මහතා වැඩේට බැස්සේ.."මචන්ලා ඔහොම ඉඳලා හරියන්නේ නෑ..අපි සහෝදරියො බ්‍රවුස් කරමු" කියලා මූ කියාපි..දැන් ඉතින් කෂ්ටිය හෝ ගාලා සහෝදරියෝ බ්‍රවුස් කරනවා..කල්ලෙත් නෑ,බොල්ලෙත් නෑ,නාල්ලෙත් නෑ..එක විකාරයයි..


ඒක අස්සේ කස්ටිය හෝ ගාල ඇක්සයිස් කරනවා බොඩිය හදාගන්න..තව අය ගෙදර අම්මයි තාත්තයි වැඩට යනකල් ඉඳලා ගෙදර කාර් එකත් අරන් එනවා සහෝදරියෝ බ්‍රවුස් කරන්න යන්න..තෙල් එහෙම වැඩි වෙලා ඒ වාහන තල්ලු කරපු වාර නම් අනන්තයි අප්‍රමාණයි.ඒත් ඉතින් අතිජාත මිත්‍රයෝ වෙනුවෙන් කල නොහැක්කක් නෑනේ..ඒ දවස් වලම තමයි කට්ටිය පොටෝ ෂොප් ඉගෙන ගත්තේ..
අපේ ලවු ගුරු,ඉන්ටර්නෙට් විශාරද කලන මහතා කියපි "ඔහොම උනහපුලුවෝ වගේ පොටෝ කෑලි දාල හරියන්නේ නෑ බන්..ඕව පොටෝ ෂොප් එකෙන් එඩිට් කරලා දාමු මචන්ලා" කියලා දැන් ඉතින් කස්ටිය හෝ ගාල ඇක්සයිස් කරලා දූවලා ගිහින් පිම්බිච්ච බොඩිය දාල පොටෝ එකක් ගන්නවා..අරගෙන දාඩිය පෙරන් ඒක කට්,පේස්ට්,ක්‍රොප් ඇතුලු කරන්න පුලුවන් හැම විකාරෙම කරලා අප්ලෝඩ් කරනවා..ඔන්න ඔහොම ඉන්නකොට ටික ටික යාලුවෝ එකතු වෙනවා ෆේස් බුකියට දැන් මාරම හැපී..
දවසක් අපේ එකෙක් මහ හයියෙන් කෑ ගහපි (උගේ නම කියන එක හරි නෑනේ :පී)"අඩෝ මෙන්න බන් අනර්කලී මට රික්වෙස්ට් එකක් දාලා..!!" හෆ්ෆට සිලි ඇත්තනේන්නම් ඒ බන් මෙන්න අනාර්කලි 
*කියට රික්වෙස්ට් එකක් දාලා..දැන් ඉතින් කස්ටිය හෝ ගාල බලනවා අනර්කලී ගේ ප්‍රොෆයිල් එක "ඒ බන් මෙන්න දුමින්ද අයියත් ඉන්නවා" තව එකෙක් කෑ ගහපි..මේ විදියට කස්ටිය යාලුවෝ ඇඩ් කරගෙන ඒ.ඩී.එස්.එල් අරගෙන ඉන්න අතරේ චාමියට බිල ආවා..4900යි..නෑ නෑ 49000යි චමියා උඩ ගිහින් බිම වැ‍ටුනේ නැති එක විතරයි..කොහොමද මෙච්චර ලොකු බිලක් ආවේ ටෙලිකොම් එක ඇතුලෙ කොල්ලෙක් ප්‍රශ්නයක් අහනවා.."මල්ලී ඔයා ඉල්ලලා තියෙන්නේ 1 ජී.බී එකක්නේ ඔය 30 ජී.බී ඩවුන්ලෝඩ් කරලනේ "දැන් ඉතින් මොකද කරන්නේ..ලවු ගුරු,ඉන්ටර්නෙට් විශාරද කලන මහතා කියපි"මචන් ඕක ගෙවලා දාන එක තමයි නුවනට හුරු" කියලා..ඕකෙන් මේකෙන් ඔහොම උන කියලා කට්ටියට ඉන්ටර්නෙට්වත් ෆේස්බුක්වත් එපා වුනේ නෑල්ලු..චාමියා නම් බුකියෙන්ම ගොඩත් ගියාලු ;) මේ කියපු ඔක්කෝම අය මම මේ පෝස්ට් එක දාන මේ වෙලාවෙත් ඔන්ලයින්..!!!



@ Read More...