Wednesday, September 7, 2011

0 මගේ පුoචි රෝස මලේ.....

Grab this


**********************************************                        කොහොමද යාලුවනේ..අද මම හිතුවා කට්ටිය වැඩිය අහල නැති ඒත් හිතට වදින සින්දුවක් කියන්න..බය වෙන්න එපා සින්දුව කියන්නේ නෑ ලියනව විතරයි. :) ..මේ සින්දුව ගොඩක් දෙනා අහල තියෙන එකක්..ඒත් මටනම් මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..
මට යන්තමට වගේ මතකයි මේ සින්දුව ඇත්ත සිදුවීමක් පාදක කරගෙන ලියපු එකක් කියල පත්තරේක හරි කොහේ හරි තිබුන වගේ..
මේකෙ කතාව හරි අමුතු එකක් රූප රචනයේ නම් තියෙන්නෙ ලෝ ෆැකල්ටියක වෙන දෙයක්..ලෙක්චරර් කෙනෙක් තමන්ගෙන් ඉගෙන ගන්න සිසුවියක් ගැන හිතෙන දේවල්..ඔහුගේ සිතුවිලි ඔයාල අපි හිතනවට වඩා වෙනස් මේ වයසක තනිකඩ ප්‍රේමවන්තයා තමන්ගෙන් ඉගෙනගන්න මේ තරුණ ශිෂාව ට ආදරේ කරනවා..ඒත් ඒ ආදරේ දන්නේ මේ වයසක ප්‍රේමවන්තයා විතරයි..අපි වගේ නම් මොකද කරන්නේ?? ටික දවසක් බලලා ගිහින් ගෑනු ලමයගෙන් අහනවනේ.අහනවනේ..ඒත් මෙයා එහෙම කරන්නේ නෑ මොකද ඒක කරන්න අපේ සමාජ පසුබිම තුල මේ ප්‍රේමවන්තයට අවසර ලැබෙන්නේ නෑ මොකද තමන්ගෙන් ඉගෙනගන්න එන සිසුවියකට ආදරේ කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි වයස,සමාජයෙන් එන බලපෑම මේ හැම ඒකක්ම ප්‍රශ්නයක් වෙනවා.ඔයාලව අපිට වගේ ඒ නීදහස මේ වයසක පෙම්වතාට නෑ..ඔහු තමන්ගේ සිසුවියට කෙලින් නොකියන ප්‍රේමය පදවැලක් කරල තියෙන ආකාරය හරිම අපූරුයි..එයා මේ කියන්නේ තමන් ආදරය කරන තමන්ගේ සිසුවියට කියාගන්න බැරි තමන්ගේ හිතේ හිර වෙලා තියෙන දේවල් ගැන (අපි ඕවට කියන්නේ සයිකො කියල නේද? ;)).. මේ ප්‍රේමවන්තයගේ හිතේ තියෙන්නෙ සරල ඉල්ලීම්..දැන් කාලේ පෙම්වතුන් වගේ මේ ප්‍රේමවන්තයට ලොකු බලාපොරොත්තු නෑ..ඉ‍ටු නොවෙනා බව දැන දැනම ඔහු කරන ඉල්ලීම් කරන්නේ තමන්ගෙන්මයි..තමන්ගේ හිතෙන්මයි..


රූප රචනයේ තියෙන විදියට තරුනයෙක් ඇය එක්කලා කතා කරනවට වත් මේ ප්‍රේමවන්තයා කැමති නෑ..ඒක ඉතින් මනුස්ස ගතියක්නෙ..අනිත් දේ තමයි අමරසිරි පීරිස් නැමැති දක්ෂ ගායකයා මේ ගීතයට කරල තියෙන සාධාරණය..ඔහුගේ හඬ මේකට අපූරුවට ගැලපෙනවා.මේ ගැන තවත් කියන එක සින්දුවේ රූප රචනයට කරන ලොකු අසාධාරණයක් :)..මේක කවදා හරි ඔයාගේ මගේ අත්දැකීම වෙන්නත් බැරි නෑ (එහෙම නොවෙන්න කියලයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ :) ) එහෙනම් දැන් ගීතය රස විඳින්න..!
       

පද රචනය :- ධම්මික පෙරේරා.
සන්ගීතය :- විශාරද ඩැනිස්ටෙර් පෙරේරා.
ගායනය :- අමරසිරි පීරිස්

           
                        

0 ප්‍රතිචාර:

Post a Comment