********************************************************************************
ඕන්න ඉතින් ඉස්සරවෙලාම ඉන්ටර්නෙට් කියන්නෙ මොකද්ද කියල මම නම් දැන ගත්තෙ ඉස්කෝලෙ අපි 9 වසරෙ ඉද්දි තිබුන වර්ක්ශොප් එකකින්..මට හොඳට මතකයි ඒක කරපු කෙනා (ඩයලොග් එකේ ඉන්ජෙක් වගේ මතක :)) මුලුන්ම ගියේ ශ්‍රී ලන්කා ගුවන්විදුලි ස0ස්ථාවේ වෙබ් සයිට් එකට ගිහින් ඔන්ලයින් රේඩියෝ දැම්මා..ඔන්න ඉතින් දැන් කස්ටියට මාරම ෆන්..මොකද ගොඩක් අය මෙච්චරකල් කොම්පියුටරෙන් රේඩියෝ අහලා තිබුනේ නැති නිසා..අපේ ඉතින් එතන ඉඳපු ඉන්ටර්නෙට් ගැන දන්න යාලුවෙක් දැන් ඉතින් හෙන පොර ටෝක් දෙනවා අපිට..මේක මෙහෙමයි අරව මෙව්වයි කිය කිය..අපිටත් ඉතින් මැජික් (:පී)..
ඔහොම කාලෙත් ගෙවිලා ගිහින් අපි ඒලෙවල් කරලා ඉවර වුනාට පස්සේ මට දවසක් යාලුවෙක් කියනවා මචන් මාර සයිට් එකක් තියෙනව අපේ ඉස්කෝලේ කොල්ලෝ හැම එකාම ඉන්නවා තව සහෝදර බාලිකා පාසලේ සහෝදරියොත් ඉන්නවා කියලා..අපේ එවුන් කෙසේවෙතත් සහෝදරියො ටික ඉන්න සයිට් එක මොකද්ද කියල බලාගන්න දැන් ඉතින් හැම එකාටම මාරම ගාය..ඒත් ඉතින් දැන් ඕකට කොහෙන්ද ඉන්ටර්නෙට්? ඔන්න ඔහොම ඉන්න අතරේ තමයි ඒ.ඩී.එස්.එල් නැගල ආවෙ..අපේ චාමියා ඉතින් මොකද ඌටත් කිසි පොටක් නැතුව ඉඳපු එකේ ඇප්ලිකේශන් ෆෝම් එකක් පුරෝලා ගිහින් ටෙලිකොම් එකට දීලා ඉන්ටර්නෙට් ගත්තා..චාමියා ඉන්ටර්නෙට් ගත්තත් හරි 2008 බැච් එකම උගේ ගෙදර..
හෆ්ෆා ඒ දවස්වල ඉතින් චාමිගෙ ගෙදර අයට අතින් කයිට්..කට්ටිය ඉතින් හැමෝම මූනුපොත් එකවුන්ට් එහෙමත් හදාගෙන ඉතින් බලන් ඉන්නවා සහෝදරියෝ රික්වෙස්ට් දානකන් (දාවි මේන් කියලා) ඔන්න ඔය අතරෙදි තමයි අපේ සෙට් එකේ ලවු ගුරු,ඉන්ටර්නෙට් විශාරද කලණ මහතා වැඩේට බැස්සේ.."මචන්ලා ඔහොම ඉඳලා හරියන්නේ නෑ..අපි සහෝදරියො බ්‍රවුස් කරමු" කියලා මූ කියාපි..දැන් ඉතින් කෂ්ටිය හෝ ගාලා සහෝදරියෝ බ්‍රවුස් කරනවා..කල්ලෙත් නෑ,බොල්ලෙත් නෑ,නාල්ලෙත් නෑ..එක විකාරයයි..

ඒක අස්සේ කස්ටිය හෝ ගාල ඇක්සයිස් කරනවා බොඩිය හදාගන්න..තව අය ගෙදර අම්මයි තාත්තයි වැඩට යනකල් ඉඳලා ගෙදර කාර් එකත් අරන් එනවා සහෝදරියෝ බ්‍රවුස් කරන්න යන්න..තෙල් එහෙම වැඩි වෙලා ඒ වාහන තල්ලු කරපු වාර නම් අනන්තයි අප්‍රමාණයි.ඒත් ඉතින් අතිජාත මිත්‍රයෝ වෙනුවෙන් කල නොහැක්කක් නෑනේ..ඒ දවස් වලම තමයි කට්ටිය පොටෝ ෂොප් ඉගෙන ගත්තේ..

දවසක් අපේ එකෙක් මහ හයියෙන් කෑ ගහපි (උගේ නම කියන එක හරි නෑනේ :පී)"අඩෝ මෙන්න බන් අනර්කලී මට රික්වෙස්ට් එකක් දාලා..!!" හෆ්ෆට සිලි ඇත්තනේන්නම් ඒ බන් මෙන්න අනාර්කලි
*කියට රික්වෙස්ට් එකක් දාලා..දැන් ඉතින් කස්ටිය හෝ ගාල බලනවා අනර්කලී ගේ ප්‍රොෆයිල් එක "ඒ බන් මෙන්න දුමින්ද අයියත් ඉන්නවා" තව එකෙක් කෑ ගහපි..මේ විදියට කස්ටිය යාලුවෝ ඇඩ් කරගෙන ඒ.ඩී.එස්.එල් අරගෙන ඉන්න අතරේ චාමියට බිල ආවා..4900යි..නෑ නෑ 49000යි චමියා උඩ ගිහින් බිම වැටුනේ නැති එක විතරයි..කොහොමද මෙච්චර ලොකු බිලක් ආවේ ටෙලිකොම් එක ඇතුලෙ කොල්ලෙක් ප්‍රශ්නයක් අහනවා.."මල්ලී ඔයා ඉල්ලලා තියෙන්නේ 1 ජී.බී එකක්නේ ඔය 30 ජී.බී ඩවුන්ලෝඩ් කරලනේ "දැන් ඉතින් මොකද කරන්නේ..ලවු ගුරු,ඉන්ටර්නෙට් විශාරද කලන මහතා කියපි"මචන් ඕක ගෙවලා දාන එක තමයි නුවනට හුරු" කියලා..ඕකෙන් මේකෙන් ඔහොම උන කියලා කට්ටියට ඉන්ටර්නෙට්වත් ෆේස්බුක්වත් එපා වුනේ නෑල්ලු..චාමියා නම් බුකියෙන්ම ගොඩත් ගියාලු ;) මේ කියපු ඔක්කෝම අය මම මේ පෝස්ට් එක දාන මේ වෙලාවෙත් ඔන්ලයින්..!!!
Hikz....niyameta liyala thiyenawa....:D
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThankz Sugith..
ReplyDeleteaha maxza thamai
ReplyDelete