Sunday, October 23, 2011

1 ටයි මාමගේ මතක සුවඳ..

Grab this
 


හරියන්නෑ හරියන්නෑ ඕක නම් හරියන්නෑ කියල හිතෙනකොට මේ ලෝකේ කිසිම දෙයක් බෑයි කියල
බෑ කිව්වේ ඔබයි.........!!!
පුංචි අපිව දියරකුස්ගෙන් බේරාගෙන හා හා හරි හාවත් එක්ක කැලේ මැදින් අතරමං නොවී එන්න අපිට පාර පෙන්නපු ගලිවර් ඔබයි........!!!
සුට් බුට් එක කලිසම් ඇඳලා රෝල්රොයිස් එකේ ගමන් ගියාට නරක වැඩ කරලා සාජන්ට් මහත්තාගෙන් 
බේරෙන්න බැහැයි කියල අපිට කියල දුන්නේ ඔබයි.........!!!

එදා පුංචියට හිටිය ගම්මිරිස් ඇට අද ලොක්කෝ කළේ ඔබයි ටයි මාමේ............!!!
ෂෙරිෆ්ලා ගිස්බන්ලා එකතුවෙලා රොබින්හුඩ් මැරුව වෙලාවේ අපි හොඳටම ඇඩුවා.........
අද වාගේම..................!!!!
ඔබට තවත් ආයුෂ දෙන්න දොස්තර හොඳහිතටත් බැරිවෙන්න ඇති ටයි මාමේ............!!!
ඒත් ඔෂීන් වගේ ජීවිතය දිනන්න,
එදා මැප් එක කැප්ටන් ලීච්ගේ අතට නොදී වයිටාත් එක්ක එකතුවෙලා ඔබ අපට බේරලා දුන් නිධානය තාම 
අපිගාව තියෙනවා ටයි මාමේ............................!!!

ඔබ වන් ළමාමනස හදුනාගත් කෙනෙකු නැවත බිහි නොවේවි,මගෙ පොඩි කාලෙ මතක් වෙන හැම වෙලාවෙම මට ටයි මාම මතක් වේවි. ඒ වගේම ඔබ දුන් ඒ සුන්දර මතකය හැමදාමත් අපි අතර රැදී තියේවි.ආදරණීය ටයි මාමේ ඔබට නිවන්සුව ලැබේවා !!!





1 comment:

  1. මේක මට ඊයකින් ආවා.. හරිම සංවේදී විදියට මට ටයි මාමගේ වියෝව දැනුනා. කොච්චර උනත් ලෝකේ සියලු දේ අනිත්‍යයි කියන එකනම් ඇත්ත.

    ReplyDelete